මරණයකින් කෙළවර වූ මඟුල් ගෙදර..
විවාහ මංගල උත්සවයකදී ඇති වු බහින් බස්විමක් දුරදිග ගොස් සිදුකළ පහරදීමක් හේතුවෙන් තුවාල ලබා අසාධ්‍ය තත්වයට පත්ව මාස 4යි දින 16ක් එක්තැන්ව සිටි දෙදරු පියෙකු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අංක 716, නව අන්දරවැව පාර, නබඩගස්වැව සුරියවැව පදිංචිකරුවෙක්. මෙම පහරදීම සිදුව ඇත්තේ, ඉකුත් ජූලි (06) වැනිදා සූරියවැව මහආර ප්‍රදේශයේ පිහිටි හෝටලයක පැවති මංගල උත්සවයකදී ය.
පොලිසිය පවසන්නේ, එම පහරදීම සිදුකර ඇත්තේ ඥාති දෙදෙනෙකු විසින් බවයි. එහිදී බිම ඇද වැටි ඇති මරණකරු බරපතළ තුවාල ලබා ප්‍රථිකාර සඳහා සූරියවැව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබෙනවා.
පොලිසිය පවසන්නේ, එම රෝගියා වැඩිදුර ප්‍රථිකාර සඳහා හම්බන්තොට මහ රෝහලටත් පසුව කරාපිටිය ශික්ෂණ රෝහලටත් ඇතුලත් කර තිබූ බවයි.
සිදුවීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. එහිදී එක් අයකුට රුපියල් 300,000 බැගින් වු ශරීර ඇප මත මුදාහැර හැර තිබියදී තුවාල කරු මෙලෙස මියගොස් තිබෙන බවයි පැවසෙන්නේ.
රෝගියා ප්‍රථීකාරවලින් අනතුරුව නිවසට රැගෙනවිත් සිටියදී ඇති වූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් යළි පසුගිය 20 වන දින සූරියවැව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි මියගොස් ඇත්තේ.