අසාද් මවුලානා කළ කරුණු දැක්වීම සම්බන්ධයෙන් පිල්ලයාන් අද CIDයට..(VIDEO)
හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේය.
පසුගිය 12 වනදා ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබූ අතර එදින ඔහු ලිපියක් යොමු කරමින් කියා සිටියේ මේ මස 18 සහ 25 අතර දිනයක දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට හැකියාව පවතින බවයි.
ඒ අනුවයි ඔහු අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට ඔහුගේ හිටපු ලේකම්වරයෙකු වන අසාද් මවුලානා නැමැත්තා කළ කරුණු දැක්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පැමිණෙන ලෙසයි ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැනුම්