IMF තුන්වන සමාලෝචනය සාර්ථකව අවසන් - රටම බලන් හිටිය දෙය මෙන්න..(PHOTOS)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව සාර්ථකව අවසන් කර තිබෙනවා.
අද(22) පස්වරුවේ ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ ය.
මේ අතර තුන්වන සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හෙට (23) පෙරවරුවේ නිල වශයෙන් කරුණු දැක්වීමට නියමිත බව වාර්තා වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්විණ.
එයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම සහභාගි විය.
ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායම එයට සහභාගි විය.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර පැවති තෙවැනි සමාලෝචනයට අදාළ සාකච්ඡාව සාර්ථකව අවසන් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
එම නිවේදනය පහතින් දැක් වේ,