හදිසියේම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකුගේ නිවස ඉදිරිපිටට දැඩි පොලිස් ආරක්ෂාවක්...(VIDEO)

Report

 නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා රවී කරුණානායකගේ නම ඊයේ (18) ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිසම ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

බඩෝවිට අසංක හා ලැටාගෙන් නගර සභාවේ සේවකයාගේ ඝාතන කොන්ත්‍රාත්තුව ගත් දෙදෙනෙකු අත්අඩංගුවට ...

බඩෝවිට අසංක හා ලැටාගෙන් නගර සභාවේ සේවකයාගේ ඝාතන කොන්ත්‍රාත්තුව ගත් දෙදෙනෙකු අත්අඩංගුවට ...

මේ අතර එම පක්ෂයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් වජිර අබේවර්ධන ඊයේ (18) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පත් කිරීම නිත්‍යානුකුල නොමැති බවයි.

ඔහු පවසා සිටියේ සිය පක්ෂයෙන් නොවිමසා ගත් තීන්දුවක් බවයි.කෙසේ වෙතත් ඊයේ එම පෙරමුණ නියෝජනය කරන පාර්ශව කිහිපයක්ම රවි කරුණානායක නම පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විරෝධතා මතු කර සිටියා.

මොකක්ද මේ පාර්ලිමේන්තුවේ අද සහ හෙට කරන්න යන වැඩේ..

මොකක්ද මේ පාර්ලිමේන්තුවේ අද සහ හෙට කරන්න යන වැඩේ..

එම විරෝධතා දක්වන පාර්ශවයන් අතර අසාද් සාලි කියා සිටියේ රවි කරුණානායකගේ නිවස වටලා මෙම තීන්දුව යළි හරවා දැමීමට කටයුතු කළ යුතු බවයි.

කෙසේ නමුත් අද දිනයේදී යම් කලබලයක් ඇති වෙයැයි රවි කරුණානායකගේ නිවස ඉදිරිපිට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කරනවා.