තවත් අමානුෂික ඝාතන දෙකක්..

Sri Lanka Police Sri Lanka
By krishani Aug 15, 2022 04:01 AM GMT
krishani

krishani

Report

ඊයේ (14) පේරාදෙණිය සහ මහකුඹක්කඩවල පොලිස් වසම්වලදී ඝාතන දෙකක් සිදුව ඇත.

පේරාදෙණිය - පිලපිටිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබෙන අතර බහින්බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු විසින් පුද්ගලයන් දෙදෙනෙකුට සහ කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඇත.

එලෙස මියගොස් ඇත්තේ 47 හැවිරිදි පිලපිටිය - කිරිබත්කුඹුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර මරණකාරියගේ නැගණියගේ ස්වාමිපුරුෂයා විසින් එම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය පවසයි.සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර පෙරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර මහකුඹුක්කඩවල - කවයන්කුලම ප්‍රදේශයේ දී වත්තක වැඩකරමින් සිටි පුද්ගලයෙකු ලේ ගලන තුවාල සහිතව මියගොස් ඇති අතර මියගොස් ඇත්තේ 56 හැවිරිදි කෝන්වැව - මහව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු වැඩකරන ලද වත්තේ පුද්ගලයන් දෙදෙනෙකු සමග පෙරේදා රාත්‍රී කාලයේ මත්පැන් සාදයක් පවත්වා ඇත. එහිදී ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පොල්ලකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් එම ඝාතනය සිදුව ඇත.

සිද්ධියට සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මහකුඹුක්කඩවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join