වෙඩිල්ලක් පත්තු වෙයි - පුද්ගලයෙක් ජීවිතක්ෂයට..

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Death
By krishani Mar 06, 2024 03:11 PM GMT
krishani

krishani

Report

අද (06) පස්වරුවේ තංගල්ල - හුංගම - කහඳමෝදර ප්‍රදේශයේ දී යතුරුපැදියකින් යමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

වෙඩිල්ලක් පත්තු වෙයි - පුද්ගලයෙක් ජීවිතක්ෂයට.. | Crime At Thangalle

එම වෙඩි තැබිමෙන් ඔහු ජීවිතක්ෂයට පත් විය.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 40 හැවිරිදි බෝට්ටු ස්කීපර්වරයෙකු ලෙස සේවය කරන තිදරු පියෙක් ය.

ගල් කටස් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදු කර ඇති අතර අනියම් ප්‍රේම සබඳතාවයක් මුල් කර ගනිමින් වෙඩි ප්‍රහාරය සිදු කර ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව වාර්තා වේ.

ReeCha