කාලගුණය තවම අසන්සුන් - අදත් කලාප කිහිපයකට වැසි
By Shehan
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන පරිදි, අද (15) සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වනු ඇත.
බස්නාහිර සහ වයඹ පළාත්වලද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තුව පවසයි. ඌව සහ උතුරු පළාත්වලත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල, බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු මැද පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 40-50 පමණ තද සුළං හමා යා හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.