රක්ෂණ මුදල් ගන්න සැමියෙක් බිරිඳව ඝාතනය කරලා..

Sri Lanka Police Sri Lanka Crime
By krishani May 04, 2023 06:11 AM GMT
krishani

krishani

Report

තම බිරිඳගේ ජීවිත රක්ෂණ මුදල් ලබා ගැනීමට බිරිඳව ඝාතනය කළ සැමියෙක් පිටිගල පොලිසිය විසින් ඊයේ (03) අත්අඩංගුවට ගැණින.

වයස අවුරුදු 24ක් වන ඔහු සිය මිතුරෙකුට රුපියල් ලක්ෂ විස්සක් සහ කුලී රථ සමාගමකින් ජීප් රථයක් ද ලබා දී මිතුරා ලවා මෙම අනතුර සිදු කර ඇත්තේ.

පසුගිය අප්‍රේල් මස 30 වැනි දින පිටිගල මාපලගම ප්‍රදේශයේ දී අදාළ කාන්තාව අනතුරට ලක් කර තිබෙනවා.

එම ස්ථානයේදී ම ඇය මිය ගොස් ඇති අතර මිය ගිය කාන්තාව වයස අවුරුදු 40ක් වන අයෙක් ය.

ඇය සතුව ජීවිත රක්ෂණ 4ක් තිබූ බවත් අදාළ තරුණයා මෙම කාන්තාව ඝාතනය කර ඇය සතු වූ ජීවිත රක්ෂණ හතරෙහි වන්දි මුදල් ලබා ගැනීමට තැත් කර ඇති බවත් පොලිසිය සඳහන් කළේ ය.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර කැබ් රථයේ රියදුරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි පිටිගල පොලිසිය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join