අසභ්‍ය චිත්‍රපටයන්හී ලිංගික දර්ශන මෙන් හැසිරෙන ලෙස කියා සැමියෙක් බිරිඳට පහර දිලා..

Sri Lanka Police Sri Lanka
By krishani May 08, 2023 09:22 AM GMT
krishani

krishani

Report

අසැබි චිත්‍රපටයන්හි ඇති ලිංගික දර්ශන මෙන් හැසිරෙන ලෙස බිරිඳට බල කරමින් පහර දුන් සැමියකු වැල්ලම්පිටිය පොලීසිය විසින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු අධික ලෙස අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ඇති අයෙක් වන අතර කාමුක චිත්‍රපට වලට ද දැඩි ලෙස ඇබ්බැහි වී ඇති අයෙකී.

එම චිත්‍රපටයන්හි තිබෙන ලිංගික ඉරියව් අනුගමනය කරමින් ඔහුගේ මිතුරන් සමග ද ඇයට ලිංගිකව එක්වන ලෙස බල කර ඇත.

ඔහුගේ පීඩනය දරාගෙන නොහැකිව ඇයගේ බිරිඳ විසින් වැල්ලම්පිටිය පොලිසියට පැමිණිලි කර ඇති බව වාර්තා වේ.

මේ අතර, තම මිතුරාට හෙල්මටයකින් පහර දී ඝාතනය කල පුද්ගලයෙකු මිනුවන්ගොඩ පොලීසිය විසින් ඊයේ(07) දින අත්අඩංගුවට ගැණින.

එම ඝාතනය සිදුකර ඇත්තේ, මත්පැන් බීමෙන් අනතුරුව ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ය.

මියගිය පුද්ගලයා 60 හැවිරිදි හොරම්පැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අත්අඩංගුවට ගත් සැකකරු 49 හැවිරිදි අස්වැන්න වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

සැකකරු අද (08) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join