පහර දී දෙපා ගැටගසා ඝාතනය කළ මළසිරුරක් ඇලමෝදර ඇලේ… මරණ අයුරු සීසීටීවී කැමරාවේ සටහන් වූ බිහිසුණු අපරාදය..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime Death
By Sithumi Nov 06, 2023 02:25 AM GMT
Sithumi

Sithumi

Report

පහර දී ඝාතනය කල බවට සැක දෙපා ගැටගසා තිබූ පුද්ගල මළසිරුරක් ඇලමෝදර කැපූ ඇලේ පාවෙමින් තිබියදී ඊයේ (05)  පෙරවරුවේ හමුව ඇති බව කළුතර උතුර පොලිසිය පවසනවා.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පැල්පොල , පරගස්තොට, නවෝද්‍යා මාවතේ පදිංචිව සිටී පල්ලවත්තගේ ධර්මවර්ධන නමැති 54 අවිවාහකයක්.

ඝාතනය සම්බන්දයෙන් හිටපු නාවික හමුදා සෙබළෙකු සහ තවත් පුද්ගලයකු මොරොන්ත්ඩුව පොලිසියේ බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අළුත්වත්ත පාර, කලපුගම සහ කොස්මැදේ පාර කලපුගම ප්‍රදේශයේ පදිංචි 24 සහ 18 වියැති පුද්ගලයන් දෙදෙනෙක්.

සැකකරුවන් දෙදෙනා ඝාතනය සිදුකිරිමෙන් පසු මොරොන්තුඩුව ප්‍රදේශයට පලාගොස් ඇති බවට පොලීසිය සැක පළකරන්නේ.

සැකකරුවන් දෙදෙනා සහ ඝාතනයට ලක්ව ඇති තැනැත්තා දින දෙකකට පෙර ආරවුලක් ඇතිකර ගෙන ඇති බවත් , පැල්පොල බේකරිය ආසන්නයේ දී යතුරුපැදියකින් පැමිණ පහරදීම සිදුකර ඇදගෙන ගොස් ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී හෙලිව ඇති බවත් පොලිසිය පවසනවා.

මෙම පහරදීම සීසිටී කෑමරාවක ද සටහන්ව තිබුණා.

ReeCha