වෙඩි තැබිමකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට..
Sri Lanka Police
Sri Lanka
Crime
By krishani
ඊයේ (14) පස්වරුවේ, අහුංගල්ල මිද්දරමුල්ල ප්‍රදේශයේ දී වෙඩි තැබීමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත් විය.
නාඳුනන දෙදෙනකු යතුරුපැදියකින් පැමිණ තවත් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි අයෙකුට මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ.
බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු ප්‍රතිකාර සඳහා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කෙරුණ ද ඔහු ජීවිතක්ෂයට පත් විය.
යතුරුපැදිකරුට වෙඩි වැදීමෙන් එම යතුරුපැදිය පෙරළී ඇති අතර එහි ගමන් කරමින් සිටි දරුවන් දෙදෙනකු ද තුවාල ලබා රෝහල්ගත කෙරිණ.
මරණකරු 29 හැවිරිදි අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |