ක්‍රිකට් රසිකයින්ට සුබම සුබ ආරංචියක් - 2024 දී ලංකාවට එන සුපිරි ක්‍රිකට් තරගාවලිය.. ICC යෙන් විශේෂ නිවේදනයක්.. (PHOTOS)
ශ්‍රී ලංකාවේ 2024 දී පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග සටහන නිකුත්කර තිබෙනවා.
ඒ ලෝක ක්‍රිකට් කවුන්සිලය විසින් ය.
එය 2024 ජනවාරි 13 වනදා සිට පෙබරවාරි 04 වනදා දක්වා පැවැත්වෙන අතර මෙම තරගාවලිය 15 වැනි වරටත් පැවැත් වෙන්නේ.
මෙම යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 16ක් කාණ්ඩ 4ක් යටතේ තරග වදින අතර මෙහිදී සත්කාරක ශ්‍රී ලංකාව C කාණ්ඩය යටතේ තරග වදියි.
එම කාණ්ඩයේ අනෙක් කණ්ඩායම් වන්නේ ඔස්ට්‍රේලියාව, සිම්බාබ්වේ සහ නැමීබියාව වන අතර එක් එක් කාණ්ඩයේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 3 ඉදිරි වටය සඳහා සුදුසුකම් ලබයි.
එම කණ්ඩායම් 12 ට පසුව කණ්ඩායම් 6 බැගින් කාණ්ඩ දෙකකට බෙදනු ලබන අතර එහිදී A සහ B කාණ්ඩ වල කණ්ඩායම් 6 එක කොටසකටත් C සහ D කණ්ඩායම් අනෙක් කොටසටත් එක් කෙරෙයි.
එහිදී ඒ ඒ කොටසේ කණ්ඩායම් තුන අතර තරග පැවැත්වෙන අතර එක් කණ්ඩායමක් එක කොටසක තරග දෙකකට බැගින් තරග කරනු ලබයි.
කෙසේ වෙතත්, එම සුපිරි වටයේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 4 අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබයි.


