'ශකිබ්' කෝපයෙන් කඩුල්ලේ ඉනි 03ම ගලවා විසි කරයි... ඔහුට දුන් දඩුවම මෙන්න..

Cricket Sri Lanka Bangladesh Shakeb al Hasheem
By Aruna Jun 13, 2021 02:53 AM GMT
Aruna

Aruna

Report

ඩකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරගයක් අතරතුරදී විනය විරෝධී ලෙස හැසිරුණු බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ්අල් හසන්ට තරග 03 ක තහනමක් පනවා තිබෙනවා.

ඔහුට අමෙරිකානු ඩොලර් 5,800 ක දඩයක් ද නියම කිරීමටයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත්තේ.

ඔහුට නියම කර ඇති දඩ මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 11 කට අධිකයි.

අදාල තරගයේදී විනිසුරු තීරණයකට එරෙහිව ආවේගශීලීව හැසිරෙන ශකිබ්අල් හසන් පන්දු යවන්නාගේ අන්තයේ ඇති කඩුල්ලට පා පහරක් එල්ල කරමින් එය බිද දමන ආකාරය වීඩියෝ දර්ශනවල සටහන්ව තිබුණා.

අනතුරුව තවත් අවස්ථාවකදී කෝපයට පත් වූ ශකීබ්අල් හසන් පන්දු යැවීමේ අන්තයේ ඇති කඩුල්ලේ ඉනි 03 ම ගලවා විසි කරන අයුරු දක්නට ලැබුනු අතර එහිදී ඔහු විනිසුරු සමග උණුසුම් වචන හුවමාරුවකද නිරත වුණා.

බංග්ලාදේශ කණ්ඩයමේ අත්දැකීම් බහුලම ක්‍රීඩකයෙකු මෙලෙස ආවේගශීලීව හැසිරීම ක්‍රීකට් විචාරකයිනගේද දැඩි දෝෂ දර්ශනයට ලක් වුණා.

ශකිබ්අල් හසන් මීට පෙර අවස්ථාවකදී කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති තරගයකින් අනතුරුව කෝපයට පත්ව ක්‍රීඩක විවේකාගාරයේ වීදුරු ද කඩා බිද දමා තිබුණා.

මේ අතර සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියට එක්වන එංගලන්ත සංචිතය ඊයේ නම් කළා.

ඔයින් මෝර්ගන් නායකත්වය දරණ එම සංචිතයට එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක් සහ ජොෆ්රා ආචර් ඇතුලත් වී නැහැ.

ඒ ඔවුන් දෙදෙනාම ආබාධවලට ලක්ව සිටීම හේතුවෙන්.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පන්දුවාර 20 තරග 03 ක් සහ එක්දින තරග 03 ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

දෙරට අතර පළමු පන්දුවාර 20 තරගය ලබන 23 වනදා කාඩිෆ්හිදී පැවැත්වීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now   


ReeCha