අද තරඟයේදී ඔස්ට්‍රේලියාව බංගලියන් දණගස්සවයි.. 11 වන පන්දුවාරයේදී අනපේක්ෂිත දෙයක් සිදුවෙයි..

Report

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ බංග්ලාදේශය සහ ඔස්ට්‍රේලියාව අතර අද (21) පැවැති තරගය DLS method අනුව ලකුණු 28කින් ජයගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්වුණා.

ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 140ක් රැස් කළා.

ඉන්ධන වලට ගහපු බද්ධක් නිසා මිල ගණන් ඉහළ ගිය හැටි..වැඩිවූ මිල ගණන් ලැයිස්තුව මෙන්න..

ඉන්ධන වලට ගහපු බද්ධක් නිසා මිල ගණන් ඉහළ ගිය හැටි..වැඩිවූ මිල ගණන් ලැයිස්තුව මෙන්න..


ඒ අනුව තරගය ජයගැනීම සඳහා ඔස්ට්‍රේලියාවට හිමිවූ ඉලක්කය ලකුණු 141ක්. පිළිතුරු ඉනිම ආරම්භ කළත්, තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමෙන් ඔස්ට්‍රේලියාව 11යි පන්දු 02ක් අවසානයේ කඩුලු 02ක් දැවී ලකුණු 100ක් ලබා සිටියේ ය.

ඒ අනුව DLS method ඔස්ට්‍රේලියාවට ලකුණු 28ක ජයක් හිමිවුණා. මේ අතර මෙම තරගයේදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකදී පිට පිට කඩුලු ත්‍රිත්වයක් (හැට්ට්‍රික්) ලබාගත් දෙවැනි පන්දු යවන්නා බවට පැට් කමින්ස් අද (21) සමත් වීමද විශේෂත්වයක්.

උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්..ලබන 10ට පෙර මේදේ කරන්න..

උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්..ලබන 10ට පෙර මේදේ කරන්න..


මීට පෙර ඔස්ට්‍රේලියාව වෙනුවෙන් T20 ජාත්‍යන්තර තරගයකදී බ්‍රෙට් ලී කඩුලු ත්‍රිත්වයක් දවාගනු ලැබී ය .