ක්‍රෙඩිට් කාඩ් භාවිතා කරන අයට රතු එළියක්..මහ බැංකුවෙනුත් නිවේදනයක්..
මෙරට පුද්ගලික හා රාජ්‍ය බැංකු ගණනාවකම ක්‍රෙඩිට් කාඩ් සඳහා ඉහළ පොලියක් අය කරන බවට පාරිභෝගිකයන් චෝදනා කරනවා.
බැංකු බොහොමයක 30%ක් හෝ ඒ ආසන්න අගයක වාර්ෂික පොලී අනුපාතයක් අය කරමින් සිටිති. මහ බැංකුව විසින් සිය පොලී අනුපාත 12% න් පහළ මට්ටමකට මෑතක දී නියම කරනු ලැබුවා.
ඒ හා සමගාමීව සෙසු සියලු පොලී අනුපාතයන් පහළ යා යුතු බවයි මහබැංකුව නිවේදනය කරනු ලැබුවේ.
මේ අතර, මුදල් හුවමාරු කිරීමේ ආයතන 15ක බලපත්‍ර අලුත් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ 2023.02.22 වන දින ඔවුන් වෙත මෙම තීරණය දැනුම්දී ඇති බවයි.
2022 වර්ෂය සඳහා නිකුත් කරන ලද මුදල් හුවමාරු බලපත්‍රවල කොන්දේසියකට අනුකූල නොවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව මහා බැංකුව ප්‍රකාශ කළා.
ඒ අනුව, පහත ලැයිස්තුවේ නම් සඳහන් සමාගම් සඳහා තවදුරටත් මුදල් හුවමාරු කිරීමේ කටයුතුවල නිරතවීමට අවසර නොමැති බවත්, එම සමාගම් සමඟ විදේශ මුදල් මිලදීගැනීම, විකිණීම සහ හුවමාරු කිරීම 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන උල්ලංඝනය කිරීමක් ලෙස සලකනු ලබන බවත් ජනතාව වෙත ශ්‍රී ලංකා මහබැංකුව අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් දැනුම්දී සිටී.
Qඒ අනුව මෙලෙස 2023 වර්ෂය සඳහා මුදල් හුවමාරු කිරීමේ බලපත්‍ර අලුත් නොකරන ලද ආයතන පහළින්.
