ක්‍රෙඩිට් කාඩ් තියෙන අයට විශේෂ පණිවුඩයක්..හදිසියේම සිදුවූ දේ මෙන්න.

Sri Lanka bank The central bank Credit card
By Aruna Apr 12, 2022 03:06 AM GMT
Aruna

Aruna

Report

ණය කාඩ්පත් සඳහා පනවා තිබූ උපරිම පොලී අනුපාතික සීමා ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පසුගිය සිකුරාදා (08) ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 700 කින් ඉහළ නැංවීමට තීරණය කළ අතර ඒ අනුව ප්‍රතිපත්ති වෙනස් කිරීම් ඵලදායි ලෙස සම්ප්‍රේෂණය වීම සඳහා පහසුකම් සැලසීමට ණය කාඩ්පත්, පෙර ගිවිසගෙන ඇති තාවකාලික බැංකු අයිරා සහ උකස් පසුකම් මත පනවා තිබූ උපරිම පොලී අනුපාතික සීමා ඉවත් කිරීමට ද මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

එවැනි ප්‍රතිපත්ති සහ නියාමන ක්‍රියාමාර්ග කඩිනමින් සම්ප්‍රේෂණය වීමත් සමඟ, අරමුදල් පිරිවැය ඉහළ නැංවෙනු ඇති බවත් එමගින් මුදල් සහ ණය ප්‍රසාරණය අඩුවීම සංසරණයේ පවතින අතිරික්ත මුදල් බැංකු පද්ධතිය වෙත නැවත ලබා ගැනීමට පෙළඹවීම, පොලී අනුපාතික විෂමතා ඉවත් කිරීම විනිමය අනුපාතික මත පවතින පීඩනය ලිහිල් කිරීම සහ ආර්ථිකය ඉල්ලුම් පීඩන ඇති වීම අවම කරනු ඇති බවත් මුදල් මණ්ඩලය අපේක්ෂා කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now