කළු දුම නිකුත් කරන වාහනවලට එරෙහිව දැඩි නීති

Report

අධික කළු දුම නිකුත් කරමින් මාර්ගයේ ධාවනය කරන වාහන හඳුනාගෙන ඒවාට එරෙහිව දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා සදහන් කර තිබේ.

 එවැනි වාහන පිළිබඳව මේ වනවිටත් පොලීසියට පැමිණිලි ලැබී ඇති බව ඔහු සඳහන් කරයි.

වායු දූෂණය ලෝක මට්ටමින් බරපතළ ගැටලුවක් බව පෙන්වා දුන් නියෝජ්‍ය පොලිස්පතිවරයා, එය හේතුවෙන් වසරකට මිලියනයකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වන බවද අවධාරණය කළේය.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා මෝටර් රථ පරීක්ෂකවරුන් සමඟ එක්ව අධික කළු දුම නිකුත් කරන වාහන හඳුනාගෙන ඒවා පරීක්ෂා කර පොලිස් භාරයට ගනිමින් නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.

චන්දන කත්‍රිආරච්චිගේ නිවසෙන් අවි ආයුධ සොයාගැනීම ගැන තවත් තොරතුරු අනාවරණය වෙයි

චන්දන කත්‍රිආරච්චිගේ නිවසෙන් අවි ආයුධ සොයාගැනීම ගැන තවත් තොරතුරු අනාවරණය වෙයි

එමෙන්ම, එවැනි වාහනයක් මාර්ගයේ ධාවනය වන බව දැකගත් අවස්ථාවකදී, ඒ පිළිබඳව වාර්තා කිරීම සඳහා ජනතාවටද අවස්ථාව ලබා දී ඇත.

ඔහු සඳහන් කළේ ඒ සඳහා 070 3500525 යන WhatsApp අංකය හඳුන්වා දී ඇති බවත් තව අදාළ වාහනයේ අංකය හෝ වීඩියෝ පටයක් යොමු කිරීමෙන් පැමිණිලි කළ හැකි බවයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සදහන් කළේ එම තොරතුරු අනුව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ පරීක්ෂකවරුන් විසින් අදාළ වාහන සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බවයි.

පාසල් නැවත ආරම්භ කරන දිනය ගැන දැනුම්දීමක්

පාසල් නැවත ආරම්භ කරන දිනය ගැන දැනුම්දීමක්