ඉදිරි සති දෙක මෙරටට ඉතා අවදානම් - උපුල් රෝහණ සිදුකළ අනතුරු ඇඟවීම

isolated sri lanka lock down Upul rohana warning for covid
By Sithumi Aug 21, 2021 10:23 AM GMT
Sithumi

Sithumi

Report

ඉදිරි සති දෙකක කාලසීමාවේ දී මෙරට කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා. 

  ඊයේ (20) අලුතින් ආසාදිතයින් 3839 දෙනෙකු සොයා ගැනුණු අතර, පෙරේදා සිදු වූ කොවිඩ් මරණ 195ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ වාර්තා කළා.මෙය කොවිඩ් ව්‍යාප්තිය ආරම්භයේ සිට මෙරට දිනක් තුළ වාර්තා කළ වැඩි ම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව ද වනවා. ප

වතින තත්ත්වය මත ඉදිරියේ දී තවදුරටත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යනු ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියා. මේ අතර, දුම් පානය කරන්නන්ට කොවිඩ් ආසාදනය වීමේ වැඩි අවදානමක් පවතින බවයි දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ පෙන්වා දෙන්නේ. 

එමෙන්ම කොරෝනා තත්ත්වය පැවතිය ද ස්නායු රෝගීන් කුමන ආකාරයකින් හෝ අඛණ්ඩ ව ඖෂධ ලබාගැනීම අනිවාර්යයෙන් සිදුකළ යුතු බව ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ අවධාරණය කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now