කොවිඩ් පාලනයෙන් ගිලිහී අවසන්. ඉතිරිව ඇත්තේ සමූහ ආදාහනාගාර ඉදි කිරීම පමණයි. සෞඛ්‍ය බලධාරියාගේ හෙලිදරව්ව(VIDEO)
Sri lanka
covid 19
Corona virua
By Sithumi
අද වන විට කොරෝනා වෛරසය පාලනය මෙරට සෞඛ්‍ය පද්ධතියේ පාලනයෙන් ගිලිහී ගොස් අවසන් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ දැනට ඉතිරි වී ඇති එකම කාර්යය සමූහ ආදාහනාගාර ඉදිකිරීම පමණක් බවයි.
මේ වන විට කොරෝනා මෘත දේහ ආදාහනය කිරීම පවා විශාල ගැටලුවක් වී ඇතැයිද ඒ මහතා පෙන්වාදෙයි.
පවතින තත්ත්වය යටතේ වහාම රට වසා දැමිය යුතු බව ඔහුගේ අදහසයි. අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.