කොරෝනා වල දරුණු බලපෑම ගැන හෙළිදරව්වක්..

Covid America Corona World UNESCO
By Aruna Oct 06, 2021 09:39 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් ගෝලීය වසංගතය, ලොව පුරා ළමයින් සහ තරුණ ප්‍රජාවගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසයි.

එහි ප්‍රතිඵලය මතුපිටින් පෙනෙන ආකාරයට වඩා බරපතළ වියහැකි බව එම සංවිධානය පෙන්වාදෙයි.

ඒ අනුව කොවිඩ් ගෝලීය වසංගතය නිසා ළමයින් සහ තරුණ ප්‍රජාව අතර මානසික ගැටලු උග්‍ර වී ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසයි.

එමගින් සිදුවන බලපෑම සුළුපටු නොවන බවත් ප්‍රතිඵල ඉදිරි වසරවලදී ලොවට අත්විඳීමට සිදුවනු ඇති බවත් එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම දත්ත වාර්තාවන්ට අනුව ලොව සෑම දරුවන් 7 දෙනෙකුගෙන් අයෙක් ලොක්ඩවුන් කිරීමේ ඍජු බලපෑමට ලක්වී සිටින අතර ළමුන් බිලියන 1.6කට පමණ අධ්‍යාපන අවස්ථා අහිමි වී තිබේ.

ගෝලීය කොවිඩ් වෛරස ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 23 කෝටි 66 ලක්ෂය ඉක්මවා ඇත.

වසංගතයෙන් ලොව පුරා සිදුවී ඇති මරණ සංඛ්‍යාව 48 ලක්ෂ 31 දහසකට අධිකය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now