තම දරුවන්ට එන්නත් දුන් වෛද්‍යවරයාගේ සංවේදී කතාව
තම දරුවන්ට අනීතික අයුරින් කොවිඩ් එන්නත ලබාදුන් බව හලාවත කොක්කවිල පාසලේ එන්නත්කරණ මධ්‍යස්ථානය භාරව සිටි වෛද්‍යවරයා පිළිගෙන තිබේ. එම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකිරීමට පියවර ගෙන ඇති අතර චෝදනාලත් වෛද්‍යවරයා පුත්තලම මූලික රෝහල වෙත ස්ථානමාරු කෙරුණි.
හලාවත කොක්කවිල පාසලේ පසුගියදා සිදුවූ එන්නත්කරණයේදී ඇති වූ අක්‍රමිකතාවක් නිසා එම මධ්‍යස්ථානයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වයක් ඊයේ සිදුවිය.
එම මධ්‍යස්ථානයේ ගැටලුව ඇති වී තිබුණේ වෙනත් ප්‍රරෙදේශවලින් එන්නත් ලබාගැනිම සඳහා විශාල පිරිසක් පැමිණීමත් සමගය. නොසන්සුන්තාව අතරතුරදීම පිරිසක් එන්නත් ලබාගැනීම සඳහා මධ්‍යස්ථානය තුළට ගමන්කළ අයුරුත් තවත් පිරිසක් පාසලේ පසුපස ඇති වැටකින් පැන මධ්‍යස්ථානය තුළට ගිය ආකාරයත් දක්නට ලැබුණි. ඔවුන් එසේ ගොස් තිබුණේ එම ස්ථානයේ සිටි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකගේ සහායෙනි.
පසුව හෙළිවූයේ මෙලෙස එන්නත් ලබාගෙන ඇත්තේ මෙම එන්නත්කරණ මධ්‍යස්ථානය භාරව සිටි වෛද්‍යවරයාගේ දරුවන් දෙදෙනා ඇතුළු පිරිසක් බවය. ඒ අතර වෛද්‍යවරයාගේ අවුරුදු 15ක දියණිය හා ඇයගේ විශේෂ අවශ්‍යතා සහිත සහෝදරයා ද විය. තමා සිය දරුවන්ට එලෙස එන්නත ලබාදුන්නේ යැයි වෛද්‍යවරයා පිළිගත් බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළාය. වෛ
ද්‍යවරයා, වයස අවුරුදු 15ක් වූ තම දියණියට සහ අනෙක් දරුවාට එන්නත ලබාදී තිබුණේ දරුවන්ට කොව්ඩ් එන්නත් ලබාදීමට රජය තවමත් තීරණයක් ගෙන නොමැති පසුබිමකය.
සිද්ධියට සම්බන්ධවූ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය මූලික විමර්ශන අවසන් වන තෙක් පුත්තලම මූලික රෝහල වෙත මාරුකර යැවීමට ඊයේ දිනම පියවර ගෙන තිබුණි. ඒ අනුව වෛද්‍යවරයා පුත්තලම මූලික රෝහලේ කොවිඩ් ප්‍රතිකාර වාට්ටුව වෙතත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය එම රෝහලේම මාතෘ හා ළමා වාට්ටුවක් වෙතත් යොමුකර තිබේ.
පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හරහා මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් කිරීම සඳහා කමිටුවක් පත්කරන ලෙස දැනටමත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිඛිතව දැනුම් දි ඇති බවය. .