එන්නත් මිලියන දෙකක් අතුරු දහන්? ප්‍රභල හෙළිදරව්වක්

isolated Covid 19 Covid vaccsine spam Sinhala news Gayan gallage
By Sithumi Aug 22, 2021 10:40 AM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් එන්නත් ලක්ෂ 20කට අධික සංඛ්‍යාවක් අතුරුදන් වීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම එන්නත් සංඛ්‍යාව සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සටහන් වී නොමැති බවත් එයට සිදුවී ඇත්තේ කුමක්ද යන්න තවමත් නිශ්චිත තොරතුරක් නොමැති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් එන්නත්කරණ වැඩපිළිවෙළේ දත්ත බාරව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරන අතර මෙම පරීක්ෂණය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතාගෙන් කරුණු විමසීමේදී ඒ මහතා සඳහන් කර සිටියේ එම එන්නත් ජනතාවට ලබා දී ඇති බවත් එහෙත් එකී එන්නත්වල දත්ත නිසි ලෙස ගබඩා කිරීමට නොහැකිවීම නිසා මෙම තත්ත්වය ඇතීවී ඇති බවත්ය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එන්නත්කරණය සේම අදාළ එන්නත්කරණයේ දත්ත සටහන් කිරීමද සිදු කළ යුතු බවත් එක් දත්තයක් සටහන් කිරීමට විනාඩි හතරක පහක කාලයක් ගතවන බැවින් දිනකට එන්නත් 7000 - 8000 එක් සෞඛ්‍ය කොට්ඨාසයක් සිදු කරන විට අනෙකුත් රාජකාරි සමඟ එය නිසි ලෙස සිදුකිරීමට ප්‍රායෝගික අපහසුතා ඇති බවත් ඔහු පැවසීය.

විශේෂයෙන් අවශ්‍ය ලැප්ටොප් පරිගණක, අමතර කාර්ය මණ්ඩල නොමැති නිසා එක් සෞඛ්‍ය පරීක්ෂකවරයකු හට දැරීමට නොහැකි රාජකාරි ප්‍රමාණයක් මේ දිනවල සිදු කරන බවත් හෙතෙම සඳහන් කළේය. කෙසේ වෙතත් එම එන්නත් සියල්ල රටේ ජනතාවට ලබා දී ඇති නමුත් මේ වන විට පරීක්ෂණයක් සිදු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කීය

ගයාන් ගාල්ලගේ_ දේශය පුවත්පත

You May Like This Video?



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now