එන්නත් දෙකම ගත්තොත් delta ප්‍රභේදයෙනුත් ආරක්ෂිත බව සහතිකයි

Sri lanka covid 19 delta Vaccsine Synopham
By Sithumi Aug 07, 2021 09:42 AM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් වසංගතයෙන් මේ වන විට ලොව පුරා මියගොස් ඇති සංඛ්‍යාව හතළිස් තුන් ලක‍ෂය ඉක්මවා ඇති අතර ලොව සීඝ්‍රයෙන් පැතිර යන වඩාත් අවදානම් කොවිඩ් ප්‍රභේදය ලෙස ඩෙල්ටා ප්‍රභේදය හඳුනා ගැනීමත් සමඟ සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත්තේ සාර්ථකව එන්නත්කරණය සිදු කළ රටවල් පවා මෙම අවදානම බැහැර නොකළ යුතු බවයි. 

 පවතින ඩෙල්ටා ව්‍යාප්තිය පිළිබඳව විශේෂ පර්යේෂණයක් සිදු කරමින් එංගලන්ත මහජන සෞඛ්‍ය ආයතනය පෙන්වා දෙන්නේ එන්නත් ලබාගත් පුද්ගලයින් හරහාද මෙම ඩෙල්ටා ප්‍රභේදය වෙනත් පුද්ගලයින්ට බෝවීම සඳහා බලපෑම් ඇති කළ හැකි බවයි.

කෙසේ වෙතත් මෙම තත්ත්වය වඩාත් තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් ඉලක්ක ගත අධ්‍යයනයන් අත්‍යාවශ්‍ය බව පෙන්වා දෙන එංගනන්ත බලධාරීන් අවධාරනය කර සිටින්නේ මේ වන විට සිදු කර ඇති මූලික සොයා ගැනීම්වලට අනුව එන්නත් ලබාගත් ඩෙල්ටා ආසාදිතයින්ගේද සිරුරු තුළ පවතින වෛරස් මට්ටම එන්නත් නොකළ පුද්ගලයින් තුළ පවතින වෛරස් මට්ටමට සමානවීමේ හැකියාවක්ද පෙන්නුම් කරනවා. 

මේ වන විට බ්‍රිතාන්‍ය ජනගහනයෙන් 75% කට ආසන්න පිරිසකට එන්නත් මාත්‍රාවන් දෙකම ලබාදී ඇති පසුබිමක වුවත් ඩෙල්ටා ආසාදිතව රෝහල් ගත වන පුද්ගලයින්ගේ ඉහළ ප්‍රතිෂතයක් පෙන්නුම්කිරීම පවතින තත්ත්වයේ අවදානම මැනවින් පෙන්නුම් කරන්නක් බව එංගලන්ත සෞඛ්‍ය අංශ පවසනවා. ඔවුන් පවසන්නේ ඩෙල්ටා ප්‍රභේදය නිසා ඇති විය හැකි බරපතල රෝගාබාධ හා මරණයට පත්වීමේ අවදානමට එරෙහිව එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීමෙන් වඩාත් හොඳ ආරක‍ෂාවක් ලබා දුන්නද එන්නත් කළ පුද්ගලයින් හරහාද අන්අයට වෛරසය සම්ප්‍රේෂණය කිරීමේ අවදානම මේ වන විට දැඩිව මතුව ඇති බවයි. 

ඒ අනුව කොවිඩ් ව්‍යාප්තිය පාලනයට එන්නත් ලබා ගැනීමට අමතරව වෛරසය පාලනය කිරීමට ගනු ලැබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ අන්කවරදාටත් වඩා ඩෙල්ටා ප්‍රභේදය හමුවේ දැඩිව පිළිපැදීමේ අවශ්‍යතාව එංගලන්තයේ මහජන සෞඛ්‍ය ආයතනය පෙන්වා දෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now