පාසල් ළමුන්ට කොවිඩ් එන්නත ලබා දීමේ තීරණයක්

education Sri lanka covid 19 schools Gampaha
By Sithumi Aug 08, 2021 09:58 AM GMT
Sithumi

Sithumi

Report

ගම්පහ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 12 ත් 18 ත් අතර පාසල් දරුවන්ට covid එන්නත ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර තීරණයකට එළැඹෙන බවයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාෂ කලේ.

එමෙන්ම, මෙරට ජනතාවට කොවිඩ් මර්දන තුන්වන මාත්‍රාවක් නැතිනම් "බූස්ටර්" එන්නත් මාත්‍රාවක් ලබාදීම පිළිබඳ ජනාධිපතිවරයාගේ අවදානය යොමුව ඇතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් වු සාකච්ඡාවක් කොවිඩ් කාර්ය සාධක බළකායේ දී පැවැත් වු බව ද යුද හමුදාපතිවරයා කියා සිටියේය.

අද (08) උදෑදන පුවත් පත් වැඩසටහනක් සමඟ එක්වෙමින් යුද හමුදාපතිවරයා පවසා සිටියේ, බුස්ටර් එන්නක් ලබාදීම මේ වන විටත් ඇතැම් විදෙස් රටවල සිදුකෙරෙමින් පවතින බවය. "ජනාධිපතිවරයා පැහැදිලිව උපදෙස් දුන්නා එවැනි අවශ්‍යතාවයක් අනෙක් රටවල්වලත් කරනවා නම් අපේ රටෙත් මේක කරන්න වෙනවා කියලා. 

ඒ අවශ්‍ය ප්‍රමාණය අනුව ලබාගැනීමට වාහම ඉල්ලුමක් කරන්න කියලා. ප්‍රථම හා දෙවන මාත්‍රා ලබාගැනීමටත් අනෙකුත් රටවල්වලට පෙර ශ්‍රී ලංකාව ගත් නිසා තමයි අද වන විට මේ තත්ත්වයක් ඇති කර ගැනීමට හැකිව තිබෙන්නේ. ඒ අනුව ජනාධිපතිවරයා දැනුම්දුන්නා කණ්ඩායමකට කියලා කිව්වේ නෑ. 

 සියලුම අයට බුස්ටර් එන්නතක් ලබාදීමට අවශ්‍ය නම් හැකි ඉක්මනින් ඉල්ලුම් කරන්න කියලා. රටේ ජනතාවගෙන් සියයට 93කට පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා. ඒ වගේම සියයට 23කට දෙවන මාත්‍රාව ලබා දී තිබෙනවා."

ReeCha