එන්නතක දෙවනි මාත්‍රාව වෙනුවට තවත් එන්නතක්?

Corona virus sri lanak Covid vaccsine
By Sithumi Jun 14, 2021 03:11 PM GMT
Report

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලෙස භාවිත කිරීමට ෆයිසර් එන්නත යොදා ගැනීම පිළිබඳව අදහස් හුවමාරුවක් මේ වනවිට සිදුවෙමින් පවතී. ඒ අනුව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාට දන්වා ඇත්තේ ෆයිසර් එන්නත ඒ සඳහා භාවිත කළ හැකිද යන්න පිළිබඳව බෝවන රෝග පිළිබඳ උපදේශක කමිටුවේ මතය තමාට හැකි ඉක්මණින් දැනුම්දෙන ලෙසය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ උපායමාර්ගික විශේෂඥ උපදේශක කණ්ඩායමේ ප්‍රධානී මහාචාර්ය ඇලහැන්ඩ්‍රෝ ක්‍රවියෝටෝ මහතා, කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව වෙනුවට ෆයිසර් එන්නත භාවිත කළ හැකි බව මාර්ගගත වැඩසටහනකදී පවසා ඇති බවද චන්න ජයසුමන මහතා පෙන්වා දී තිබේ.