අවුරුදු 15 -19ත් අතර දරුවන් සිටින දෙමව්පියන්ට දැනුම්දීමක්

corona virus Srilamka vaccsination
By Sithumi Oct 07, 2021 02:46 PM GMT
Sithumi

Sithumi

Report

වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන් සඳහා ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම ලබන සඳුදා සිට ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමය සඳහන් කළේ බෝවන රෝග පිළිබඳ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ඒ සඳහා හිමිවූ බවය. 

ඒ අනුව ලබන සඳුදා සිට දිවයින පුරා දිස්ත්‍රික් රෝහල් සහ ඊට ඉහළ මට්ටමේ පවතින රෝහල් තුළදී එම එන්නත්කරණය සිදු කෙරෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසීය. 

 එසේම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලදී සහ එන්නත්කරණ මධ්‍යස්ථානවලදී ද අවුරුදු 15ත් 19ත් අතර දරුවන්ට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමට තීරණය කළ බවද වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසීය. 

මේ අතර මේ මස 21 වැනිදා පාසල් විවෘත කිරීමට සුදානම් වන ලෙස අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා අද (07) විදුහල්පති සංගම් සමග පැවති සාකච්ඡාවකදී ඉල්ලා තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now