මේ එන්නත ගත්ත අයට විශේෂ දැනුම්දීමක්...විශේෂයෙන් මේ දිස්ත්‍රික්කෙ අයට.

Sri Lanka Russian Channa jayasumana Covid vaccines Sputnik vaccines
By Aruna Sep 05, 2021 08:05 AM GMT
Aruna

Aruna

Report

ස්පුට්නික් V කොවිඩ් මර්දන එන්නත් නිෂ්පාදනය කරන රුසියානු සමාගම විසින් මෙරටට අවශ්‍ය එන්නත් ලබාදීම සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර ඇති බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ මෙරට ජනතාවට දෙවන එන්නත් මාත්‍රාව ලබාදීමට අවශ්‍ය ස්පුට්නික් V කොවිඩ් මර්දන එන්නත් ප්‍රමාණය සැප්තැම්බර් මාසය ඇතුළත ලබාදීමට හැකි බව දැනුම්දී ඇති බවය.

"ස්පුට්නික් V කොවිඩ් මර්දන එන්නත් නිෂ්පාදන ආයතනය අපිට දැනුම්දීලා තියෙනවා සැප්තැම්බර් මාසය ඇතුළත ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉතිරි දෙවන මත්‍රා 120,000 ලබාදෙන්න කටයුතු කරනවා කියලා.

එතකොට මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට එම එන්නත් ලබාදෙන්න කටයුතු කරනවා." "මේ සතියේ අපේ ප්‍රමුඛ අවධානය තියෙන්නේ 30ට වැඩි සියලු දෙනා එන්නත් කරලා අවසන් කරන්න."

"අද තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 40ක් අපිට ලැබුණා.

මේ තමයි එක වරකදී ශ්‍රී ලංකාවට ලැබුණු ඉහළම එන්නත් මාත්‍රා තොගය. එම ලක්ෂ 40ත් සමග සයිනොෆාම් පමණක් මිලියන 22ක් ශ්‍රී ලංකාවට ලැබිලා තියෙනවා.

ඊයේ හවස් වෙනකොට සයිනොෆාම් එන්නත ශ්‍රී ලංකිකයන් කෝටියකට දීලා තියෙනවා.

ලක්ෂ 73කට මාත්‍රා දෙකම සම්පූර්ණ කරලා තියෙනවා." මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 150,000කට පමණ ස්පුට්නික් V කොවිඩ් මර්දන එන්නත ලබාදී තිබේ.

ඒ අනුව ඉන් දෙවන මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 30,000ක් පමණ වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha