මෙරට විද්ද එන්නතක දෙවැනි මාත්‍රාව පිරිසකට ඇලජික් වෙයි...

Sri Lanka Covid vaccines Modana
By Aruna Aug 29, 2021 06:44 AM GMT
Aruna

Aruna

Report

මහනුවර හා ඒ අවට ප්‍රදේශවල මේ දිනවල ලබාදෙන මොඩර්නා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගත් ඇතැම් අය සිදුකර ඇති පැමිණිලි වල දැක්වෙන්නේ ශාරීරික අපහසුතා ගණනාවක් පැනනැගි ඇති බවටය.

නමුත් දින කිහිපයකින් එම අපහසුකම් ඉවත්වන බවටද දන්වා ඇත.

ශ්‍රී ලංකාවේ තවම මෙම එන්නත සම්බන්ධ මරණ හෝ සුවිශේෂ ගැටලු තත්වයන් ගැන සෞඛ්‍ය අංශ දන්වා නැත.

කෙසේ වෙතත් ජපානයේ මොඩර්නා එන්නත භාවිතය නිසා දෙදෙනෙකු මියගිය බවටත් ඒ නිසා එරට මොඩර්නා එන්නත ලබාදීම තාවකාලිකව අත්හිටුවා ඇති බවටත් විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

ජපානය පාවිච්චි කළ මොඩර්නා තොගයට කිසියම් වෙනත් යමක් මිශ්‍රවීම නිසා මෙම තත්වය හටගෙන ඇතැයි උපකල්පණය මත පරීක්ෂණද ආරම්භවී ඇති බව එම වාර්තා වැඩිදුර දක්වා තිබේ.

The Washington Post වාර්තාවකින් දැක්වෙන්නේ මොඩර්නා සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුකාරී තත්වයන් ගැන ඇමරිකාවෙන් මේ වනවිට විශේෂ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

දැනට ලෝකයේ නිෂ්පාදිත කොරෝනා මර්දන එන්නත් අතර ෆයිසර් හා මොඩර්නා එන්නත් සාර්ථකත්ව දර්ශකයේ ඉදිරියෙන්ම සිටින අතර ෆයිසර්ටත් වඩා මොඩර්නා ප්‍රතිඵල

සාර්ථක බව දක්වා ඇති පසුබිමක මෙම ගැටලු පැනනැගී ඇත. පහත දැක්වෙන්නේ සමාජ මාධ්‍ය තුළ එන්නත ලබාගත් කිහිප දෙනෙකු ඒ ගැන හුවමාරු කරගත් අදහස් කිහිපයකි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery