මෙරට කොවිඩ් එන්නතක් විදගත් පිරිසකට වැඩ වරදී..හේතුව මෙන්න.

Corona Sri Lanka Covid vaccines Fizer vaccine Foreign ministry
By Aruna Aug 27, 2021 03:03 AM GMT
Aruna

Aruna

Report

ෆයිසර් එන්නත විදගැනීමට ගොස් පසුගියදා ඇතිවූ ගාලගෝට්ටිය.

විදෙස් රැකියා සඳහා යාමට නියමිත අපේක්ෂකයන් නොවන පුද්ගලයන්ද එන්නත ගැනීමට ලියාපදිංචිවීම හමුවේ ගැටලු පැණ නැගි බවයි එහි අතිරේක සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා සඳහන් කළේ.

ඒ අනුව සැබෑ ලෙසම විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂා කරන පුද්ගලයන් තහවුරු කරගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තුවක් පමණක් අය කර ගැනෙන බව මංගල රන්දෙණිය මහතා පැවසුවා.

රැකියා සඳහා විදෙස්ගත වන ශ්‍රමිකයින්ගෙන් කොවිඩ් එන්නත දීම සඳහා මුදල් අයකර ගන්නා බවට නගා ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සතු දත්ත අනුව විදෙස් රැකියා සඳහා යාමට නියමිත බවට 50,000 දෙනෙකු පමණ ලියාපදිංචි වී මෙලෙස ෆයිසර් එන්නත ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙසේ ලියාපදිංචි වූ අයගෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තුව ගෙවීමට පණිවිඩයක් යවුවද බොහෝ පිරිස් මේ වන විට එසේ ලේඛණ ඉදිරිපත් කර පූර්ව ලියාපදිංචිය මඟහරිමින් සිටින බවයි අතිරේක සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ.

එය එන්නත ගැනීම වෙනුවෙන් අය කරනු ලබන මුදලක් නොවන බවයි ඔහු අවධාරණය කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now