කොවිඩ් එන්නතේ 03 වන මාත්‍රා මුලින්ම දෙන්නෙ මේ අයටලු..
Covid
Vaccine
Sri Lanka
By Aruna
සෞඛ්‍ය සේවකයින් සියලුදෙනාට කොරෝනා මර්දන එන්නතේ 03 වන මාත්‍රාවක් ලබාදෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලිඛිතව ඉල්ලීමක් කර තිබෙනවා.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද පැවසුවේ රට විවෘත කිරීමට නම් අනිවාර්යයෙන්ම මෙරට සෞඛ්‍ය අංශය ශක්තිමත් කළ යුතු බවයි.
රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් ඇති අතර සෞඛ්‍ය සේවකයින් අඩුවෙමින් පවතින බවයි ඔහු සඳහන් කළේ.
මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ ජාත්‍යන්තරයේ පැසසුමට ලක්වෙමින් ඇති පසුබිමක එය තවදුරටත් ඉදිරියට සාර්ථකව සිදුකිරීමට නම් සෞඛ්‍ය අංශය ශක්තිමත් කළ යුතු බව ද ඔහු සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |