බොහෝ දෙනෙක් සොයන තවත් එන්නතක් දිවයිනට..තුන්වන එන්නතක් ගැන හෝඩුවාවක්.

Covid Sri Lanka Vaccines Fizer vaccines Pregnant women vaccines
By Aruna Aug 23, 2021 02:14 AM GMT
Aruna

Aruna

Report

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 80,000 ක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබෙනවා.

කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් හරහා නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට එම එන්නත් ගෙනවිත් තිබූ බවයි ගුවන් තොටුපළ කාර්ය භාර නිළධාරීවරයා සඳහන් කලේ.

මෙම එන්නත් තොගය ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව වෙත රැගෙන යාමට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම මෙරට ජනතාව සඳහා කොවිඩ් මර්දන තෙවන එන්නත් මාත්‍රාවක් ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

යුද හමුදාපතිවරයා පැවසුවේ ඒ සදහා ඇති හැකියාව පිළිබඳව සොයා බලන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන් බවයි.

මේ අතර ලබන මස 2 වන සතිය වනවිට වයස අවුරුදු 18 ත් 30 ත් අතර පිරිස එන්නත්කරණයට ලක් කිරීමට කටයුතු කරන බවයි වසංගත රෝග විද්‍යා අංශය කියා සිටියේ.

වයස අවුරුදු 30 ට වැඩි ජනගහණයෙන් සියයට 99 කට ඕනෑ ම කොරෝනා මර්දන එන්නතක පළමු මාත්‍රාව ලබාදී අවසන් කර තිබෙනවා.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වසංගත රෝග විද්‍යා අංශයේ වැඩබලන ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ ප්‍රකාශ කළේ 30 ට වැඩි ජනගහණයෙන් සියයට 48 ක් පූර්ණ එන්නත්කරණයට ලක් කර අවසන් බවයි.

ඩෙල්ටා ප්‍රභේදයේ නව විකෘතිතා හතරක් හඳුනාගෙන ඇති නමුත්, ඒවා එන්නත්කරණයට කිසිදු අයුරකින් බලපෑම් සිදු නො කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිලීකා මලවිගේ ප්‍රකාශ කළා.

ඒ, සියලු මාධ්‍ය එක් ව ඊයේ උදෑසන විකාශය කළ සාකච්ඡාවට එක්වෙමින්.

එසේම ගැබිණි මව්වරුන් වෙනුවෙන් විශේෂ කොවිඩ් මර්දන එන්නත්කරණ සතියක් හෙට සිට ආරම්භ කරන බවයි පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now