පැය 48ක් තුල කොවිඩ් එන්නත් ලක්ෂ 50 ක් මෙරටට..තත්ත්වය භයානකයි.
China
Sri Lanka
Covid vaccines
Sinofarm vaccines
By Aruna
තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.86ක ප්‍රමාණයක් දිවයිනට රැගෙනවිත් තිබෙනවා.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් මෙම එන්නත් තොගය මෙරටට ගෙනවිත් ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 04ක් ඊයේ දිනයේ ද මෙරටට ගෙන එනු ලැබුණා.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානා තුනක් මඟින් චීනයේ සිට කටුනායක ගුවන්තොටුපල දක්වා මෙම එන්නත් රැගෙන එනු ලැබීය.
මේ අනුව ඊයේ සහ අද දිනය තුළ මෙරටට එන්නත් ලක්ෂ 50 ඉක්මවමින් ගෙන්වීම විශේෂත්වයක්.
මේ අතර ඊයේ දින කොරෝනා ආසාදිත මරණ 98 ක් හඳුනා ගැනීමත් සමග මෙරට කොරෝනා ආසාදිත සමස්ත මරණ ගණන අවාසනාවන්ත ලෙස 5000 ඉක්මවා තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |