තවත් චීන එන්නතකට WHO අනුමැතිය...හෙට සිට විශේෂ එන්නත් කරණයක්.

Covid China Sri Lanka WHO Corona vaccine
By Aruna Jun 02, 2021 04:30 AM GMT
Report

 චීනයේ නිෂ්පාදිත Sinovac කොවිඩ් මර්දන එන්නත, හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අනුමැතිය හිමිව තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලද චීනයේ නිෂ්පාදිත දෙවැනි කොවිඩ් මර්දන එන්නත මෙයයි.

සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවූ චීනයේ නිෂ්පාදිත පළමු කොවිඩ් මර්දන එන්නත වනවා.

මේ අතර මෙරට එන්නත්කරණ වැඩසටහන තුළ යම් පුද්ගලයෙකුට ලබාදිය යුතු එන්නත් මාත්‍රා ගණන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැනුම්දීම් මත පමණක් පදනම්ව තීරණය කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසා සිටියේ, වර්තමානයේ පවතින තත්ත්වය මත පදනම් ව එන්නත් මාත්‍රා ප්‍රමාණය තීරණය කර ඇති බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍යවරයා, “මේ වෙලාවේ තියෙන්නේ අවුරුද්දක සමීක්ෂණ ප්‍රතිඵල තියෙන්නේ.

අවුරුද්දක එකහමාරක පරීක්ෂණ ප්‍රතිඵලය තමයි පළමු සහ දෙවැනි මාත්‍රාව ලබාදීමෙන් ප්‍රතිශක්තීකරණයක් ඇති වෙනවා සහ ඒක යම්කිසි කාලසීමාවක් පවතිනවා කියන එක.

සමහර විට අලුත් ප්‍රභේදයක් ඇති වෙලා වෛරසය වෙනස් වුනොත් ප්‍රතිශක්තිකරණය යම් මට්ටමකින් හීන වීමක් හෝ සංකූලතා ඇති වීමේ හැකියාවක් තියෙනවා.

සම්පූර්ණයෙන් අධ්‍යයනය කරලා අවසන් කරපු එකක් නෙමෙයි මේ අපිට දීලා තියෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්.

මේ වෙලාවේ කළ හැකි දේ තමයි කරන්නේ. ඒ හින්දා ඉදිරියේ දී මාත්‍රා එකක් ද දෙකක් ද කියන එක ඔවුන් දැනුම්දෙයි.“ ඔහු ප්‍රකාශ කළේ ඊට පරිභාහිර තීරණ සඳහා යොමුවීම පවතින තත්ත්වය තුළ අවදානම් සහගත බවය.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි හෙට (03) සිට සිව්දින විශේෂ එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now