එන්නත ලබාගැනීමෙන් පසු ලේ කැටි ගැසෙනවානම් ඇතිවිය හැකි රෝග ලක්ෂණ මෙන්න
මිනිස් සිරුරේ රුධිරය කැටිගැසීමට නියත හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් කිසිවකුට තවමත් සහතිකව කිව නොහැක. එහෙත් එවැනි තත්ත්වයකට බලපාන පොදු හේතූන් කීපයක් හඳුනාගෙන ඇත. මොළයේ ලේ කැටි ගැසෙන (CVST) තත්ත්වයට පත්ව ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් සිදුකරනු ලැබ ඇති පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ එම සියලු රෝගීන්ගේ සිරුරුවල රුධිර පට්ටිකා ප්‍රමාණය අඩුවකි.
රුධිර පට්ටිකා සිරුරෙහි රුධිර වහනය වීමකදී එය යථා තත්ත්වයට ගෙනඒමට උපකාරීවෙන රුධිර සෛල වෙති. එම රෝගීන්ගේ රුධිරයෙහි අන්තර්ගත ආසාදනයන්ට එරෙහිව ක්‍රියාකිරීමට නිතරම මහෝපකාරී වන ප්‍රතිශක්තිජනක විශේෂ ප්‍රතිදේහයක් (antibody) හමුවී ඇත. ඒවා මගින් කුඩා රුධිර පට්ටිකා සක්‍රීය කෙරෙයි. එම ප්‍රතිදේහ නිසා වැරදීමකින් රුධිර පට්ටිකා එකට කැටිව එය ලේ කැටියක් බවට පත්වීමට හේතුවිය හැකිය.
එසේම එය සිරුරෙහි සෙසු ස්ථානයන්හි කැටිති රටාව තුළත් ක්‍රියාත්මක වීමට ඉඩකඩ පවතී. කැටිගැසීම් සහ රුධිර පට්ටිකාවල අඩුව අතර පවතින සංයුක්තභාවය දැනට වෛද්‍යවරුන් විසින් විපරම් කරනු ලබන විශේෂ කරුණක්ව ඇත. එහෙත් මෙම ක්‍රියාවලිය හඳුනාගනු ලැබීම අතින් තේරුම්ගත යුතුව ඇති තවත් බොහෝ කරුණු පවතී.
යම්කිසි තැනැත්තකු විසින් එන්නත ලබාගැනීමෙන් පසු දවස් හතරක් හෝ ඊට වැඩි දින ගණනක් පහත දැක්වෙන රෝග ලක්ෂණවලින් පෙළෙන්නේනම්, වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය. යම්කිසි තැනැත්තකු විසින් එන්නත ලබාගැනීමෙන් පසු දවස් හතරක් හෝ ඊට වැඩි දින ගණනක් පහත දැක්වෙන රෝග ලක්ෂණවලින් පෙළෙන්නේනම්, වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.
01 දිගින් දිගටම පවතින දරුණු හිසරදය
02 පෙනුම බොඳවීම
03 හුස්ම ගැනීමේ දුෂ්කරතා
04 පපුවේ වේදනාව
05 කකුල් ඉදිමීම
06 නොකඩවා පවතින බඩ රිදුම සහ/හෝ උදරයේ වේදනා
07 එන්නත විදින ලද ස්ථානය අවට හාත්පස අසාමාන්‍ය ආකාරයේ සමෙහි තැල්මක ලකුණු හෝ රතු හෝ දම් පැහැති කුඩා ලප තිබේනම්
08 පාදවල දක්නට ලැබෙන දුර්වලවීමක් වැනි ස්නායු රෝගයක ලක්ෂණ.
එවැනි ලේ කැටි ගැසීමක් තරමක් දුර්ලභ දෙයක් වන අතර එන්නත ලබාදීම මගින් අති බහුතර ප්‍රජාවට ලැබෙන ප්‍රතිලාභය එහි අන්තරායකාරී තත්ත්වයට වඩා බොහෝ ඉහළ මට්ටමක පවතින බවත් විද්‍යාඥයෝ පැහැදිලි කරති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |