හෘද රෝගියෙකු කොවිඩ් එන්නත ලබා ගතහොත් කුමක් වෙයි ද?

covid19 vaccination dr Dhisna Amarathunga heart patients INR test
By Sewvandhi Sep 02, 2021 09:52 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හෘද රෝගීන් කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීමේ වැදගත්කම සහ එය ලබා ගත යුතු ආකාරය පිළිබඳව හෘද රෝග විශේෂඥ වෛද්‍ය දිස්නා අමරතුංග මහත්මිය පැහැදිලි කිරීමක් කර තිබේ.

ඇය පෙන්වා දෙන්නේ, හෘදය ආශ්‍රිතව පවතින බොහෝ රෝගාබාධ කොවිඩ්-19 වැළඳීමෙන් ඇතිවන සංකූලතා වැඩි කරන බවය. ඒ හේතුවෙන් හෘද රෝගවලින් පෙළෙන පුද්ගලයින් කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීම අත්‍යවශ්‍ය බව ඇය සඳහන් කළාය.

විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නේ බයිපාස් සැත්කමක්, ස්ටෙන්ට් ප්‍රතිකාරයක්, පේස්මේකර් එකක් භාවිත කරන හෝ හෘදය ආශ්‍රිතව කිසියම් සැත්කමකට භාජනය වී සිටීම, කොවිඩ් එන්නත ලබා ගැනීමට බාධාවක් නොවන බවය.

එමෙන් ම, හෘද රෝග සඳහා භාවිත කරන Asprin, Clopidogrel ආදී ඖෂධ භාවිත කරන්නේ නම්, එන්නත ලබා ගැනීමට එම ඖෂධ නතර කිරීම අවශ්‍ය නොවන බව ද ඇය සඳහන් කළාය. යම් හෘද රෝගියෙකු Warfarin ඖෂධය භාවිත කරන්නේ නම්,

එම රෝගීන් එන්නත ලබා ගැනීමට ප්‍රථම INR පරීක්ෂණයක් සිදු කර ගැනීම අත්‍යවශ්‍ය බවත් INR අගය 3ට වඩා අඩුවෙන් පවතින ඕනෑ ම අවස්ථාවක එම ඖෂධය නතර කිරීමකින් තොරව එන්නත ලබා ගත හැකි බවත් විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නා ය.