වයස 18-19 අතර පිරිසට ලැබෙන එන්නත හා දිනය මෙන්න.
වයස 18 - 19 අතර පිරිසට සදුදා සිට (11) සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කාර්යාල හා රජයේ රෝහල් වලදී "pfizer" එන්නතේ පළමු මාත්‍රාව ලබා දීමට එන්නත් කමිටුව තීරණය කර තිබෙනවා.
වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට කොවිඩ් මර්දන එන්නතක් තෙවැනි මාත්‍රාවක් හෙවත් බූස්ටර් එනනත් ලබාදීමට නිර්දේශ කරන බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
මේ අතර මෙරට කොරෝනා ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මේ වනවිට දෙවන මාත්‍රාව ලබා දී ඇති පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 12 ඉක්මවා තිබෙනවා.
වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ, ඊයේ වනවිට 12,043,368 දෙනෙකුට කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී ඇති බවයි.
මේ අතර ,සියලු මවුපියන්ට විශේෂ නිවේදනයක් පාසල් දරුවන්ට මුව ආවරණ පැලඳීම අනිවාර්යය කර ඇති බව මහජන සෞඛ්‍ය පිලිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා සඳහන් කරයි.
ඕ මේ බව සඳහන් කළේ පාසල් ආරම්භ කිරීමේදී පිලිපැදිය යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශයන් පිළිබඳ මවුපියන්ට දැනුම් දීමක් කරමිනි. නිවෙස් තුළ ගත කරන මේ කාලය තුළ දරුවන්ට මුව ආවරණය පැළඳීම, එය ඉවත් කිරීම හා එය පැළඳ සිටීම පිළිබඳ පුරුද්දක් ඇති කරවීමට දෙමවුපියන් කටයුතු කරන්නේ නම් අතිශයින්ම වැදගත් බව ඇය පෙන්වා දෙයි.
කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් වසා දැමීමෙන් පසුව පසුගිය වර සති කීපයක් පාසල් විවෘත කළ අවස්තාවේදී පාසලට පැමිණි දරුවන් මුව ආවරණය පැළඳ සිටීමට එතරම් කැමැත්තක් නොදැක්වූ බව පෙන්වා දෙන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරිය මුව ආවරණය පැළඳ සිටීමේ වැදගත්කම පිළිබඳ පූර්ව අවබෝධයක් දරුවන්ට ලබා දෙන ලෙසද මවුපියන්ගෙන් ඉල්ලීමක් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |