එන්නත නිසා තරුණ තරුණියන් වඳභාවයට ලක්වන කතාවේ ඇත්ත නැත්ත මෙන්න.. සියල්ලන්ගේ දැන ගැනීම පිණිසයි.
කොවිඩ් මර්දන එන්නත් ලබා ගැනීම හේතුවෙන් කාන්තාවන්ට අතුරු ප්‍රථිපල සිදුවන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් සිල්වා අදහස් පළ කළා.
මෙම කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් පසුව තරුණියන් මදසරුභාවයට,වඳභාවයට පත්වනවා යැයි සමාජයේ බොහෝ දෙනෙකු අතර මතයක් පවතී.
මේ හේතුවෙන් තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් මෙම එන්නත ලබා ගැනීමෙන් වැලකී සිටිති.
ඇත්තටම එවැනි දෙයක් සිදුවනවාද?
ඔහු පැවසුවේ, ඇතැම් සාවද්‍ය තොරතුරු මත පිහිටා කොවිඩ් මර්දන එන්නත් ලබාගැනීමෙන් වැළකී සිටීම අනතුරුදායක තත්ත්වයක් බවයි.
කෙසේ වෙතත් සෞඛ්‍ය අංශයන් විසින් වයස අවුරුදු 18 ට වැඩි සියලුම ගර්භණී මව්වරුන්ට මෙම එන්නත ලබා ගන්නට දැනුම් දී ඇතැයි විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් සිල්වා වැඩිදුරටත් කියා සිටියා.
පවුල් සෞඛ්‍ය කාර්යංශයේ දත්තවලට අනුව මේ දක්වා කොරෝනා ආසාදිත ගර්භනී මව්වරුන් සංඛ්‍යාව 700 ක් වනවා.
කොරෝනා ආසාදිතව ගර්භණී මව්වරුන් 19 දෙනෙකු මරණයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
