එන්නත රුපියල් 5000ට ...බරපතල ප්‍රශ්ණයක් සමග අවදානමක්.

Corona Sri Lanka Covid vaccine Healthy ministry
By Aruna Jun 02, 2021 01:07 AM GMT
Aruna

Aruna

Report

රුපියල් 5000 බැගින් අය කරමින් ලබා දෙන කොරෝනා එන්නතක් මෙරට නොමැති බවත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

එසේ මුදල් අයකර ලබාදෙන එන්නත ලබා ගැනීමෙන් වළකින ලෙසද ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එසේ මුදල් ලබාදී එන්නත් ලබා ගැනීමට පෙළඹීමත් තුළින් එවන් පුද්ගලයන් තව තවත් එම කටයුතුවලට උනන්දු වන නිසා එලෙස ලබා දෙන්නේ සැබෑ එන්නත්දැයි බරපතළ ප්‍රශ්නයක් ඇති බවද ඔහු කියා සිටියේය.

එමෙන්ම එම එන්නත් තුළින් යම් ආකාරයක ආසාත්මිකතා මතුවුවහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ගැටලුකාරී බව ද ඔහු පැවසීය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now