15ට අඩු දරුවන් එන්නත් කිරීම නිර්දේශ නොකරන්නේ ඇයි ? හෘද රෝගද - හේතුව මෙන්න..
එන්නත්කරණයෙන් පසුව දුර්ලභව ඇතිවන හෘද ප්‍රදාහ තත්ත්වයන් තක්සේරු කරමින් පූර්වාරක්ෂක පියවරක් ලෙස දැනට වයස අවුරුදු 12 – 15 අතර නිරෝගී දරුවන් එන්නත් කිරීම නිර්දේශ නොකරන බව එක්සත් රාජධානියේ එන්නත් පිළිබඳ උපදේශකයන් පවසයි.
සාමාන්‍යයෙන් තත්ත්වය මෘදු වුවද ෆයිසර් එන්නත් මාත්‍රා ලබාදීමෙන් පසු තරුණ තරුණියන්ගේ හෘද ප්‍රදාහ තත්ත්වයන් වාර්තා වී ඇති බව ඔවුන් පවසයි.
ඒ අනුව බ්‍රිතාන්‍යයේ එන්නත හා ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඒකාබද්ධ කමිටුව ප්‍රකාශ කළේ කොවිඩ්-19 එන්නත ලබාගැනීමේ සුදුසුකම් කලින් පැවති තත්ත්වයට වඩා අවුරුදු 12 – 15 අතර වයස් මට්ටමේ නිධන්ගත රෝග ඇති දරුවන් වෙත නිර්දේශ කළත්, සෞඛ්‍ය සම්පන්න දරුවන් සඳහා එන්නත් කිරීමේ ප්‍රතිලාභ කුඩා විය හැකි බව අවධාරණය කරයි.
මේ අතර,පාසල් විවෘත කිරීමට පෙර සියලුම දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීම ප්‍රායෝගික තීරණයක් නොවන බව තමාගේ පෞද්ගලික අදහස බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.
දරුවන්ගේ ප්‍රතිශක්තිය ගැන අවබෝධයක් හෝ අධ්‍යනයක් නොමැතිව එවැනි තීරණයකට යාම සුදුසු නොවන බවද පාසල් ඉතා ඉක්මනින්ම විවෘත කිරීමට අදාළ අංශ මග පෙන්වීම් ලබා දිය යුතු බවද ආචාර්යවරයා පවසනවා. වයස 18 ට වැඩි පුද්ගලයන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීමෙන් දරුවන්ට ඉබේම රැකවරණය සැලසෙන බවත්, දරුවන්ගේ ස්වාභාවික ප්‍රතිශක්තිය ගොඩනැගෙන ආකාරය සම්බන්ධයෙන් ළඟදීම පරීක්ෂණයක් අරඹන බවද සඳහන් කළා.
සෞඛ්‍ය අංශවලින් අවශ්‍ය දත්ත ලබාගෙන ඒ පරීක්ෂණය කරන බවයි ඔහු පැවසුවේ. මේ අතර එන්නත්කරණය අවසන්වූ පසු ලබන ඔක්තෝබර් මාසයවන රටේ යහපත් තත්වයක් ඇතිවනු බවට විශ්වාස කළ හැකි බවත් සියලුම වයිරසවලට පිළිතුර එන්නත්කරණය බවත් වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළා.
ඩෙල්ටා වෛරස ප්‍රභේදය කොළඹ සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කර අවසන් බවත්, ඩෙල්ටා අනෙකුත් ප්‍රදේශවල පැතිරීම ගැන අදහස් පළ කිරීමට දැනට පවතින දත්ත ප්‍රමාණවත් නොවන බවයි සඳහන් කළේ.
ඩෙල්ටා වෛරස ප්‍රභේදය පැතිරීම රටකට අගෞරවයක් හෝ මදි පුංචිකමක් හෝ නොවන බවත් අද ලෝකය පුරා ප්‍රමුඛව පැතිර යන්නේ ඩෙල්ටා ප්‍රභේදය බවත් ඔහු පැවසුවා.
ලෝකයේ බහුතරයක් එන්නත්කරණයට ලක් කරන තුරු නව කොවිඩ් ප්‍රභේද බිහිවනු ඇති බවයි රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ජීවන්දර මහතා වැඩිදුරටත් පැවසුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |