නුවරින් එළියට ආ අමුතු කැමැත්ත
covid19
vaccination
kandy
sputnica v
vaththegama
By Sithumi
නුවරින් එළියට ආ අමුතු කැමැත්ත නුවරින් එළියට ආ අමුතු කැමැත්ත May 31, 2021 06:01 pm මේ දිනවල මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක කොවිඩ් එන්නත්කරණය සිදුකෙරේ.
අද (31) මහනුවර, වත්තේගම කෙන්ගල්ල මහා විද්‍යාලයේ දී ප්‍රදේශයේ ජනතාවට එන්නත් ලබාදුනි. එම අවස්ථාවේදී එන්නත් ලබාගන්නා පුද්ගලයින්ට "කැමැත්ත ප්‍රකාශ කිරීම" සඳහා වෙනම පත්‍රිකාවක් ලබාදී තිබුණි.
එහි ගසා තිබූ සීල් එකක දැක්වුණේ "ස්පුට්නික් V එන්නත් පළමු මාත්‍රාව පමණක් වුවද ලබා ගැනීමට මම කැමැත්තෙමි" යනුවෙනි.
නමුත් කොවිඩ් එන්නතේ උපරිම ආරක්ෂාවක් ලබාගැනීමට එහි මාත්‍රා දෙකම ලබාගත යුතුය යන්න පිළිගත් විශේෂඥ මතය වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |