නිවසට ගොස් සිදු කරන එන්නතකරණය ඇරබේ..

covid19 vaccination pavithra sudarshani prasanna gunawardhana
By Sewvandhi Aug 07, 2021 04:07 AM GMT
Sewvandhi

Sewvandhi

Report

එන්නත්කරණය සඳහා මධ්‍යස්ථාන වෙත යොමු විය නොහැකි පුද්ගලයින් සඳහා නිවෙස් වෙත ගොස් එන්නත්කරණය කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙතෙක් එන්නත්කරණයට ලක්ව නොමැති එවැනි පිරිස් එන්නත් කරන ලෙස සියළු ප්‍රාදේශිය සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ.

එමෙන්ම තවමත් එන්නත ලබා ගෙන නෙමැති නම්, වහාම ළඟම පිහිටි එන්නත්කරණ මධ්‍යස්ථානය වෙත ගොස් එන්නත ලබා ගන්නා ලෙසයි අවුරුදු 30 ට වැඩි පිරිස්වලින් රාජ්‍ය අමාත්‍යවරිය ඉල්ලා සිටින්නේ.

මේ අතර, දෙවන එන්නත් මාත්‍රාව ලබා දෙන ඕනෑම මධ්‍යස්ථානයකින් වයස අවුරුදු 30 ට වැඩි ඕනෑම අයෙකුට පළමු මාත්‍රාව ලබා ගැනීමට පහසුකම් සලසන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ සෞඛ්‍ය බලධාරින්ට උපදෙස් දුන්නා.

ඒ, එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග පැවති සාකච්ඡාවේදීයී. වයස අවුරුදු 18ට වැඩි මෙරට සමස්ත ජනගහණයට එන්නත් මාත්‍රා දෙකම සැප්තැම්බර් මාසයට පෙර ලබාදිය හැකි පරිදි එන්නත් ඇණවුම් කර ඇති බව, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා එහිදි පෙන්වා දුන්නා.

තෙවන මාත්‍රාවක් සඳහා වුව ද රජය සූදානම් බවයි ඔහු සඳහන් කළේ. එහෙත් ජනතාවගෙන් රෝගය පැතිර යාම වැළැක්වීමට ලබාදෙන සහාය අවම වීම කනගාටුදායක බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා එහිදි ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now