එන්නත් මාත්‍රා දෙකම ගත් 69 දෙනෙකුට සිදු වූ දේ....?
පසුගිය 13 වන දායින් අවසන් වූ කාල සීමාව වන තෙක් වසංගත රෝග විද්‍යා ඒකකය සිය නිල වෙබ් අඩවියෙහි යාවත්කාලීන කර ඇති කොවිඩ් ආසාදිත මරණ පිළිබඳ විශ්ලේෂණ වාර්තාව අනුව මේ වන විට මෙරට මියගොස් ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 5775කි.
අදාළ වාර්තාවට අනුව මේ දක්වා මියගොස් ඇති පුද්ගලයින්ගෙන් 91.7%ක් ම මියගොස් ගොස් ඇත්තේ කිසිදු එන්නත් මාත්‍රාවක් නොගත් පිරිස වන අතර එම සංඛ්‍යාව 5295කි. එන්නත් ලබාගෙන සිටි පුද්ගලයන් 8.3%ක් හෙවත් පුද්ගලයින් 480ක් ද මියගොස් තිබේ.
එක් මාත්‍රාවක් පමණක් ලබාගෙන සිටි 417ක් ද ඒ අතරට අයත් වන අතර එන්නත් මාත්‍රා 2 ම ලබාගෙන සිටි 69 දෙනෙකු ද අයත් වන බව එම දත්ත වාර්තාව තහවුරු කර තිබේ. මෙම මරණවලින් 80.7%ක් ම සිදුව ඇත්තේ රෝහල් හෝ නිරෝධායන මධ්‍යස්ථානවලදී වන අතර රෝහල්වලට ගෙන යන අතරතුරදී ද 6.3%ක් මියගොස් ඇත.
මේ අතර නිවෙස් තුළදී මියගොස් ඇති සංඛ්‍යාව 745ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස එය 12.9%කි. මෙතෙක් මියගොස් ඇති වැඩි ම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම පිරිස ප්‍රතිශතයක් ලෙස 51.3%ක් වන අතර සංඛ්‍යාත්මකව 2960කි.
මෙතෙක් මියගොස් ඇති පිරිසෙන් 76.7%ක් ම අවුරුදු 60න් ඉහළ පිරිස වන අතර එම සංඛ්‍යාව 4431කි. 22.2%ක් 30-59ත් අතර කාණ්ඩයේ වන අතර එම සංඛ්‍යාව 1281කි.
මියගොස් ඇති පිරිස අතර අවුරුදු 30ට අඩු 63 දෙනෙකු ද සිටිති. එම දත්ත වාර්තාවට අනුව වයස අවුරුදු 9ට අඩු දරුවන් 11 දෙනෙකු ද මේ වන විට කොරෝනාවෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව අැත. මෙතෙක් වාර්තා වන මරණ සංඛ්‍යාවෙන් 58%ක් පිරිමි පුද්ගලයින් වන අතර 42%ක් කාන්තාවන් වන බව ද අදාළ දත්ත වාර්තාවෙන් දක්වා තිබේ.
කොරෝනා ආසාදනය වීමෙන් මේ දිනවල මියයන පුද්ගලයින් ඉකුත් සති දෙක තුළ වෛරසය ආසාදනය වීමෙන් රෝහල් ගතවූවන් බවත්, ඉදිරි සතිවල දී කොරෝනා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළා.
මේ අතර මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාගේ දත්ත වසංගත රෝග විද්‍යා අංශය විසින් විකෘති කරන බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණී කවිරත්න චෝදනා කළා. මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ වාර්තාවලට අනුව මාතලේ දිස්ත්‍රික්කයේ සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලින් ආසාදිතයින් 11,573 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
එහෙත් වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව එය සදහන් වී ඇත්තේ රෝගීන් 8908ක් බැවින් දත්තවල පරස්පරතා පවතින බවයි ඇය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ. එමෙන්ම හැටන් - දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරුන් සිව්දෙනෙකු ඇතුලුව 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
ඔවුන්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානය සඳහා යොමුකර ඇති අතර, ඒ හේතුවෙන් රෝහලේ දෛනික කටයුතුවලට ද බාධා එල්ල වී ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ. සෞඛ්‍ය උපදෙස්වලට පටහැනි ව විශාල පිරිසක් සහභාගි කරගනිමින් බගවන්තලාව - ආරියපුර ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයක් නතර කිරීමට සෞඛ්‍ය බලධාරින් අද (20) උදෑසන කටයුතු කරනු ලැබුවා.
ඒ සඳහා 100 කට ආසන්න පිරිසක් එක් ව සිට ඇති බවට යි වාර්තාවන්නේ. කෙසේ වෙතත් බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් මෙම විවාහ මංගල උත්සවය සඳහා අවසර ලබාගෙන ඇතත්, ඒ අනුව අවසර හිමි වී ඇත්තේ දෙපාර්ශවයේ සීමිත ඥාතීන් පිරිසක් සඳහා පමණයි.
මේ අතර, පවතින කොරෝන තත්ත්වය හමුවේ මන්නාරම දිස්ත්‍රික්කයේ සියලු ම දේවස්ථානවල පැවැත්වෙන පූජාවන් සඳහා බැතිමතුන් සහභාගි කර ගැනීමෙන් වළකින ලෙස මන්නාරම රදගුරු එම්මානුවෙල් ප්‍රනාන්දු පියතුසමන් සියලු ම දේවස්ථානවලට දැනුම් දී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |