නිවසේ සිට කළ හැකි අනුමැතිය හිමි වූ එකම Covid19 ප්‍රතිකාරය ෆයිසර් වෙතින්
ෆයිසර් සමාගමේ නිෂ්පාදිත කොවිඩ් පෙත්ත ට අමෙරිකානු ආහාර හා ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය හිමිවී තිබේ. කොවිඩ් වෛරස ආසාදිතයන් සඳහා අනුමැතිය හිමිවූ පළමු ගිලින ඖෂධය මෙන්ම නිවසේ සිට කළ හැකි එකම ප්‍රතිකාරය වන්නේද එයයි.
මේ අතර, අනෙකුත් කොවිඩ් ප්‍රභේදවලට සාපේක්ෂව ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදිතයන් රෝහල් ගතකිරීම අවම මට්ටමක පවතින බවට මූලික අධ්‍යයනවලින් හෙළිවී ඇතත් එහි ව්‍යාප්තිය සම්බන්ධයෙන් සැලකිල්ලෙන් පසුවිය යුතු බව විදෙස් වාර්තා පවසයි.
වේගවත් ඔමික්‍රොන් ව්‍යාප්තියක් සහිත එක්සත් රාජධානියේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (22) පළමුවරට ලක්ෂය ඉක්මවා ගියේය. පසුගිය සතියට සාපේක්ෂව මේ සතියේදී අමෙරිකාවේ නව කොවිඩ් ආසාදිතයන්ද 25%කින් ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.
මෙවැනි වාතාවරණයක් තුළ ෆයිසර් සමාගමේ නිෂ්පාදිත ප්‍රතිවෛරස කොවිඩ් කරල වයස අවුරුදු 12 ඉක්මවූ අවදානමක් සහිත පුද්ගලයන්ට ලබාදීම සඳහා අමෙරිකාවේ ආහාර හා ඖෂධ පාලන අධිකාරිය අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව කොවිඩ් වෛරස ආසාදිතයන්ට ලබාදෙන පළමු ගිලින ඖෂධය මෙන්ම නිවසේදී ලබාගත හැකි පළමු ඖෂධයද මෙය වනු ඇත. මිලියන 13කට වැඩි පිරිසක් වාසය කරන චීනයේ ෂියැන් නගරය ඊයේ සිට ලොක්ඩවුන් කර තිබෙන්නේ එම නගරයේ කොවිඩ් වෛරසය සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙනි. න
ව සීමා යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පමණක් නිවසකින් එක් අයෙකුට දින දෙකකට වරක් පිටතට යා හැකිය. ෆයිසර් සමාගමේ නිෂ්පාදිත කොවිඩ් පෙත්ත ට අමෙරිකානු ආහාර හා ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය හිමිවී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |