සිසුන් 148කට සහ ගුරුවරුන් 78කට කොරෝනා

covid19 corona students teachers
By Gagana Nov 16, 2021 12:08 PM GMT
Gagana

Gagana

Report

දකුණු පළාතේ පාසල් සිසුන් 148කට සහ ගුරුවරුන් 78කට මේවනවිට කොරෝනා ආසාදනයවි ඇතැයි දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිමල් දිසානායක මහතා පැවසිය.

ආසාදිත වැඩිම සිසුන් සහ ගුරුවරුන් වාර්තා වන්නේ හම්බන්තොට සහ ඇල්පිටිය කලාපවලින් බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ මත ක්‍රියා කිරිම නිසා පළාතේ එකම පාසලක්වත් වසා දැමිමට අවශ්‍ය නොවු බවත් එහෙත් නේවාසිකාගරයේ සිසුන් පිරිසක් ආසාදිතවිම නිසා ඇල්පිටිය ප්‍රදේශයේෙ පෞද්ගලික පාසලක් පමණක් වසාදැමු බවත් දිසානායක මහතා පැවසිය.

පළාතේ සිසුන් පන් ලක්ෂයට අධික සංඛ්‍යාවක් සිටින අතර 6,7,8,9, ශ්‍රේණි හැර මේ වනවිට සිසුන්ගේ පැමිණිම සියයට හැටක් බවද ගුරුවරුන්ගේ පැමිණිම සියයට අසුවක් බවද විදුහල්පතිවරුන්ගේ පැමිණිම සියයට අනුවක් බවද දිසානායක මහතා කීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

JOIN NOW


ReeCha