කොරෝනාවේ ආරම්භය ගැන සොයන චීනයෙන් සුබආරංචියක්..

Covid Corona China Wuhan city
By Aruna Oct 13, 2021 09:03 AM GMT
Aruna

Aruna

Report

නව අධ්‍යයනයක් සිදු කිරීමට චීනය පියවර ගනී කොවිඩ් වසංගතයේ ආරම්භය සම්බන්ධයෙන් නව අධ්‍යයනයක් සිදු කිරීමට චීනය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව වූහාන් නගරයේ රුධිර මධ්‍යස්ථාන ආශ්‍රිතව පරීක්ෂණ සිදු කිරීමටයි චීන සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමුව ඇත්තේ.

2019 වසරේ ආරම්භයේ සිට වූහාන් නුවර රුධිර මධ්‍යස්ථානවලින් ලබාගත් ලක්ෂ 2කට අධික රුධිර සාම්පල පරීක්ෂාවට ලක් කිරීමටයි තීරණය කර ඇත්තේ.

කොවිඩ් 19 යනු සත්ත්වයින්ගෙන් මිනිසුන්ට ආසාදනය වූ වෛරසයක් නම් එලෙස ව්‍යාප්ත වන්නට ඇත්තේ කවදා ද යන්න අනාවරණය කර ගැනීමටයි මෙම අධ්‍යයනයේ අරමුණ වී ඇත්තේ.

2019 වසරේ දෙසැම්බර් මස අග භාගයේ වූහාන් නගරයෙන් සමාජ ව්‍යාප්තියක් දක්වා වර්ධනය වූ කොවිඩ් 19 වෛරසයේ බිහිවීම සම්බන්ධයෙන් චීනය සිදු කරන අධ්‍යයන විනිවිදභාවයකින් තොර බවට බටහිර රාජ්‍යයන්ගෙන් අවස්ථා කිහිපයකදී චෝදනා එල්ල වුණා.

එම රටවල් පෙන්වා දුන්නේ, කොවිඩ් යනු ගෝලීය බලය අල්ලා ගැනීම වෙනුවෙන් චීනය විසින් නිර්මාණය කරන ලද වෛරසයක් බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් වූහාන් නුවර පරීක්ෂණ කටයුතු සිදු කෙරුණේ එවන් පසුබිමකයි.

එම අධ්‍යයන වාර්තා මගින් සැක පළ කෙරුණේ, එම වෛරසය සත්ත්වයින්ගෙන් මිනිසුන්ට ආසාදනය වන්නට ඇති බවටයි.

කෙසේ වෙතත්, චීනය ඉලක්ක කරමින් දිගින් දිගටම එල්ල වන චෝදනා හමුවේ එරට සෞඛ්‍ය විශේෂඥයින් නව අධ්‍යයනය සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now