දිස්ත්‍රික් 08ක් දැඩි අවධානමක..රෝහල් 09ක මිනී 140ක් ගොඩ ගැසෙයි..
දිවයින පුරා රෝහල් වල මළ සිරුරු ගොඩ ගැසී ඇති බවට මාධ්‍යයෙන් ප්‍රකාශ කිරීමත් සමඟ ඒ බව සොයා බැලූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතාන මහතා ප්‍රකාශ කරයි.
එම අවස්ථාවේදී,
කලුබෝවිල රෝහල දාහතරක්
ජාතික රෝහල පනහක්
කලුතර රෝහල දහයක්
පානදුර රෝහල දහයක්
රාගම රෝහල හතළිස් හයක්
ගම්පහ රෝහල හතරක්
වතුපිටිවල රෝහල පහක්
අයි ඩී එච් රෝහල එකක්
හෝමාගම රෝහල එකක්
යන ආදී වශයෙනි මළ සිරුරු තිබී ඇති බව දක්නට ලැබුණු බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.
මෙම සියලු මරණ කොවිඩ් නොවන අතර හඳුනා නොගත් වෙනත් හේතුවකින් සිදුවූ මරණද ඒ අතර වන බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.
මෙම මරණ මෙසේ ගොඩ ගැසීමට සිදු වී තිබෙන්නේ මෙම මරණ වල අයිතිකරුවන් විදෙස් ගතව සිටීම, වැරදි තොරතුරු ලබා දීම, මෙම මරණ අවසන් කටයුතු කිරීම සඳහා ආර්ථික තත්ත්වයක් නොමැති වීම, ඇතැම් ඥාතීන් නිරෝධායන මධ්‍යස්ථාන වලවල සිටීම වැනි කාරණා නිසා බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.
බස්නාහිර පළාතේ නගර සභා රැසකින් ම මරණ ආදාහනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන අතර මෙම මරණ පරීක්ෂණ කටයුතු ඉක්මනින් සිදු කර ගැනීම සඳහා මරණ පරීක්ෂකවරුන් ද අලුතින් පත් කර තිබේ.
මේ අතර ඊයේ (08) දිනයේ වැඩිම ආසාදිතයන් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති තිබේ.
එම සංඛ්‍යාව සටහන් වන්නේ 852ක් ලෙසයි.
එමෙන්ම සෙසු දිස්ත්‍රික්ක වලද ආසාදිතයන් ගණන සැළකියයුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක වල ආසාදිතයන් සංඛ්‍යාව තුන්සියය ඉක්මවා ගොස් ඇති අතර මහනුවර,ගාල්ල,කෑගල්ල,යාපනය සහ රත්නපුර ආසාදිතයන් ගණන ද ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර අද දිනයේ මෙරටින් මුල් වතාවෙම කොරෝනා ආසාදිතයින් 1928 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ.
තවද අද දින මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 94 ක් දිය හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමත් සමග සමඟ මෙරට කොවිඩ් ආසාදිත සම්පූර්ණ මරණ ගණන 5205 දක්වා ඉහළ ගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |