රත්නපුර දිස්ත්‍රික්කයේ කොරෝනා අවධානම ඉහළ යයි.
රත්නපුර දිස්ත්‍රික්කයේ කොවිඩ් ප්‍රතිකාර සේවා සපයනු ලබන රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල වත්මන් තත්ත්වය සහ භෞතික හා මානව සම්පත් පිළිබදව සොයාබැලීම සදහා වූ විශේෂ සාකච්ඡාවක් (19) සෞඛ්‍ය අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ රෝහල් අධ්‍යක්ෂවරුන් , වෛද්‍ය අධිකාරීවරුන්, විශේෂඥ වෛද්‍ය නිලධාරීන් හා ඊට අදාළ රාජ්‍ය නිලධාරීන්, පොලීසිය හා හමුදා නිලධාරීන් සමග සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.
මෙහිදී රෝහල් වල හා ප්‍රතිකාර මද්‍යස්ථාන වල පවතින මානව හා භෞතික සම්පත් සංවර්ධනයට කඩිනම් පියවර ගන්නා ලෙසට අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.
සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය – “රත්නපුර දිස්ත්‍රික්කයේ පසුගිය දිනවල කොවිඩ් රෝගීන් වාර්තා වුනා. රත්නපුර දිස්ත්‍රික්කයේ රෝගීන් ඉහළයාම සීඝ්‍රයෙන් සිදු වෙනවා.
එබැවින් ගත යුතු පියවර සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල පහසුකම් ඉහළ නැංවීම, කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධයස්ථාන සහ රෝහල් පහසුකම් ඉහළ නැංවීම අරමුණු කරගෙන අද දින මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වූවා.
ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට අවශ්‍ය සියළු පහසුකම් සහිතව රෝහල්වල ප්‍රතිකාර සේවාවන් ලබාදීමට කටයුතු කිරීමට අදාල නිලධාරීන්ට මම අද දින උපදෙස් ලබාදුන්නා. දිස්ත්‍රික්කයක් විදිහට අප කටයුතු කළ යුතු ආකරයත් සාකච්ඡා කළා.
සබරගමු පළාත් නියෝජ්‍ය පොලිස්පතිතුමා, දිසාපතිතුමා, ප්‍රධාන ලේකම්තුමිය ඇතුලු සියළු රාජ්‍ය නිලධාරින් සමග එකට එක්ව තමන් සේවය කරන දිස්ත්‍රික්කය කොවිඩ් රෝගයෙන් තොර දිස්ත්‍රික්කයක් බවට පත් කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක්. මේ දිස්ත්‍රික්කය තුල රෝගය මර්දනය කිරීමේ වගකීම තනිකර සෞඛ්‍ය අංශයට පමණක් ගැනීමට පුළුවන්කමක් නැහැ. අත්‍යාවශ්‍ය සේවාවන්හි එකතුවෙන් එය සිදු කළ යුතු වෙනවා.
කොළඹ ඉදන් මෙම රෝගය මර්දනය කිරීම පහසු කාර්යයක් නොවෙයි. සියළු අංශ එකට එක්ව ඒ ඒ දිස්ත්‍රික්කවල රෝගය පාලන කටයුතු සිදු කළ යුතු වෙනවා. අද ඒ පිළිබදව සියළු දෙනා දැනුවත් කළා. අවබෝධය ලබාදුන්නා.
එම සංකල්පය මුළු රටටම ලබාදීමට කටයුතු කරනවා.”
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |