ඊයේ දිනයේ 1200 අධික ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

vaccine Covid19 quarantine Infections patients
By Sewvandhi Aug 07, 2021 06:56 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගතවු දිනයේ බස්නාහිර පළාතෙන් පමණක් කොවිඩ් -19 ආසාදිතයින් 1,273 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඊයේ (06) දිනයේ මෙරටින් නව ආසාදිතයින් 2,794 දෙනෙකු හඳුනාගත් අතර වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන ආසාදිතයින් 548 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 369 දෙනෙකු, කොළඹ දිස්ත්‍රික්කයෙන් 356 දෙනෙකු ඊයේ හඳුනාගෙන ඇති බව සඳහන්ය.

මහනුවර දිස්ත්‍රික්කයෙන් 224 දෙනෙකු, යාපනය දිස්ත්‍රික්කයෙන් 174 දෙනෙකු, අම්පාර දිස්ත්‍රික්කයෙන් 135 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 129 දෙනෙකු, මාතලේ දිස්ත්‍රික්කයෙන් 114 දෙනෙකු සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් 107 දෙනෙකු ලෙස දිවයිනේ දිස්ත්‍රික්ක 10ක දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ සියය ඉක්මවා ගොස් තිබේ. මේ

අතර ඊයේ දිනයේ ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ පහතින් දැක්වේ.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Jion Now


Gallery