තවත් විශාල කොරෝනා පොකුරක්

corona virus covid patients sinhala news srilanka news covid19 updates
By Gagana Dec 01, 2021 10:36 AM GMT
Gagana

Gagana

Report

කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් කොරෝනා රෝගීන් 72 දෙනෙකු පෙරේදා (30) දින වාර්තා වූ බව කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඒ .යූ. ටී. කුලතිලක මහතා පවසයි.

මෙසේ වාර්තා වූ රෝගීන් අතර වයස අවුරුදු එකහමාරේ සිට වයස අවුරුදු 75 දක්වා වයස් කාණ්ඩ වලට අයත් ගැහැණු සහ පිරිමි රෝගීන් සිටින බවත් පවුලේ සියලුම සාමාජිකයන් ආසාදිතයන් ලෙස හඳුනාගත් පවුල් හතරක් ද ඒ අතර වන බව ද කුලතිලක මහතා පැවසීය.

මෙසේ හඳුනා ගත් රෝගීන් නිරෝධායනයට ලක්කර සිටි පුද්ගලයන් නොවන බවත් මෙම පුද්ගලයන් හට කොරෝනා වෛරසය ආසාදනය වීමට ඔවුන් කොරෝනා රෝගීන් සමග සම්බන්ධතාවයක් ද පවත්වා නොමැති බව ඔවුන්ගෙන් කරන ලද කරුණු විමසීමේ දී අනාවරණය වූ බව කුලතිලක මහතා කීය.

එම නිසා මෙම පිරිසට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති ආකාරය පිළිබඳව සලකා බැලීමේදී සමාජය තුළ හඳුනා නොගත් කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් විශාල පිරිසක් සිටිය හැකි බවට විශ්වාස කළ හැකි බවද කුලතිලක මහතා වැඩිදුරටත් පැවසීය.   


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now