අද වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගණන

By Sithumi Dec 30, 2021 02:32 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් කොරෝනා ආසාදිතයින් 563 ක් හඳුනාගෙන ඇති බව වාර්තා වී තිබේ.

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් 228 දෙනෙකු අද (30) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කරයි.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 560,313ක් දක්වා ඉහළගොස් ඇත

තවත් කොවිඩ් මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (29) තහවුරු කර ඇති බවය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,962කි.